කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව සෞඛ්‍ය ඇමැතිනිය පැණි බිව්වා….! පැණි කියල වහ දුන්නා නම් පවිත්‍රාට මොකද වෙන්නේ…! – අනුර දිසානායක…

January 20, 2021 at 1:18 pm | by emanisa.lk

ආයුර්වේද හෙළ පාරම්පරික වෙදකම පසෙක ලා පැණියක් පසුපස දිවීම හේතුවෙන් රටේ මිනිසුන් මුළාවට පත්කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද (20) පාර්ලිමේන්තුව කල්තැබීමේ යෝජනාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

“පැණිය කෝප්පයක් බිව්ව පියල් නිශාන්ත මහතාට අද කොවිඩ් වැළඳිලා. සෞඛ්‍ය ඇමතිවරිය ප්‍රසිද්ධියේ පැණිය බීලා පෙන්නනවා. මේවා පර්යේෂණ කරලා වාර්තාවක් ගන්න ඕනේ.

ඕකට වහ දාලා ගෙනත් දුන්නනම් මොකද වෙන්නේ. කිසිම හෙවිල්ලක් නෑ බොනවා. මොනවද මේ විකාර වැඩ. මේකෙන් ආයුර්වේදයත් හෑල්ලුවට ලක්වුණා.

පිළිගත් ආයුර්වේද වෛද්‍යවරු තමන් මේ රෝගය හොඳ කරන්න ඉල්ලුවත් රාජ්‍ය අනුග්‍රහය ඒවට ලැබුණේ නෑ. මේ පැණියක් පස්සේ දුවනවා. ඇමැතිත් ඒ පස්සේ යනවා. හරියට රයිගමයයි ගම්පොළයයි වගේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස