ධම්මික පැණිය බොරුවක් වංචාවක්…! දේශීය වෙදකමට කළ සහගහන අපරාධයක්…! – පාඨලී

December 30, 2020 at 11:04 pm | by emanisa.lk

ලොව පිළිගත් එන්නත් ගෙන ඒමට කටයුතු නොකර ධම්මික පැණිය සහ ගංජා පැණිය පස්සේ දුවමින් ජනතාව මුළා කළ අයට ම දැන් ඒවායේ බොරුව වංචාව හෙළි වී ඇතැයි පාඨලී චම්පක රණවක පවසයි.

මෙම පැණි වර්ග හඳුන්වා දීම ආණ්ඩුව දේශීය වෙදකමට සිදුකළ සහගහන අපරාධයක් බව ද හෙතෙම පවසයි.

රටේ සමස්ත ජනතාවට බටහිර එන්නතක් ලබා දීමට වැය වන්නේ ඩොලර් මිලියන 40ක් පමණක් බවත් ඒ සඳහා ද ලෝක බැංකුවෙන් ණය ඉල්ලමින් සිටින බවත් ඔහු පවසයි.

කොරෝනා සඳහා ලබා ගත යුත්තේ ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය සහිත එන්නත් බවත් ලංකාව චීන සහ රුසියානු එන්නත් ලබා ගැනීමට සූදානම් වන බවත් පාඨලි රණවක වැඩි දුරටත් අනාවරණය කරයි.

සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එකතු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස