පැණි වරකා ගහට හෙණ වදී …! ධම්මික පැණිය බිව් අයෙකුටත් කොරෝනා!

December 28, 2020 at 7:42 am | by emanisa.lk

වරකාපොල ප‍්‍රදේශීය ලේකම් බල ප‍්‍රදේශයෙන් කොරෝනා රෝගය ආසාදිත වූ පුද්ගලයන් දොළොස් දෙනකු (12 ක්) හදුනාගෙන ඇති බවත්, ඉන් ඵක් අයකු උඩුකුඹුර ඔත්නාපිටිය පදිංචි අයකු වන අතර ඔහු කෑගල්ලේ පැණිය පානය කළ අයකු බවත් වරකාපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක හේමන්ත කුමාර පවසයි.

මෙම රෝගීන් අතරින් තුල්හිරිය ඇගලූම් ආයතනයක තිදෙනකුද, තල්ලියද්දේ දෙදෙනකුද, නිවටුව එක් අයකුද, දුම්මලදෙණියේ එක් අයකුද, වේරගල දෙදෙනකුද, ඔත්නාපිටියේ තිදෙනකුද වන බවත්, ඔත්නාපිටියේ එක් අයකු කෑගල්ලේ පැණිය පානය කර ඇති බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සඳහන් කරයි.

මොවුන් ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවත්, පවුල්වල සෙසු පිරිස් නිරෝධායන කටයුතු සදහා යොදවා ඇති බවත් වරකාපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක හේමන්ත කුමාර වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස