ධම්මික පැණිය බිව් 05කට කොරෝනා! මිත්‍යාව පසුපස ගොස් අනතුරේ වැටෙන්න එපා! – හරිත අලුත්ගේ…

December 29, 2020 at 3:39 pm | by emanisa.lk

කොවිඩ් 19 වෛරස් රෝගය සුවපත් කරන බව පවසමින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙදමහතා හඳුන්වා දුන් පැණිය පානය කළ පස් දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

මෙසේ එම වෛරසය ආසාදනය වී ඇත්තේ වරකාපොල සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචි කාන්තාවක් සහ ඇගේ අවුරුදු 05ක් වූ දරුවකු ඇතුළු පස් දෙනෙකුට බවත් තමන් එම ඖෂධය පානය කළ බව ඔවුන් විසින් සෞඛ්‍යය නිලධාරීන්ට හෙළි කර ඇති බවත් ඔහු පවසා තිබේ.

සෞඛ්‍ය බලධාරීන් විසින් එම ආසාදිතයන් මේ වන විට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කර ඇත.
නිරෝධායන නීති නොතකමින් පෝලිම්වල පැය ගණන් පොරකමින් එම ඖෂධය ලබා ගැනීමට යාමෙන් ඉදිරියේදී එම ප්‍රදේශවල වෛරසය තවත් දැඩිව ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන බව ද හෙතෙම පවසයි.

සෞඛ්‍ය නීති නොතකමින් මෙවන් දේ පසුපස ගොස් ජීවිතය අවදානමක දමා නොගන්නැයි ඉතා ඕනෑකමින් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද වෛද්‍ය හරිත අලුත්ගේ අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස