ධම්මික පැණිය බිව්වේ එක පාරයි….! නියමිත මාත්‍රාවට බිව්වේ නෑ…! – පියල් නිශාන්ත…

January 20, 2021 at 8:15 am | by emanisa.lk

තමා ධම්මික පැණිය පානය කළේ එය කථානායකවරයාට භාරදුන් අවස්ථාවේ පමණක් බවත් මේ මොහොතේ කළ යුත්තේ සෞඛ්‍ය අංශ ලබාදී ඇති නිසි ක‍්‍රමවේද අනුගමනය කරමින් කොරෝනා රෝගයෙන් වැළකී සිටීම බවත් රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ඊයේ (19) පැවැසීය.

සිය ඇතුළු පවුලේ අය කොග්ගල පිහිටි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක ප‍්‍රතිකාර ලබන බවත් කොරෝනා රෝගය වැළඳුණු කෙනෙක් හැටියට තමාට කිව හැක්කේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් රජයේ වැඩපිළිවෙළට අනුගත වෙමින් සියල්ලන් හොඳින් කටයුතු කරන්නේ නම් මෙම රෝගයෙන් වැළකී සිටීමට හැකි වන බවත් යැයි රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

වෛරසය නොවැළඳීමට නම් ධම්මික පැණිය දින තුනක් ලබාගත යුතු බව ධම්මික බණ්ඩාර වෙද මහතා සඳහන් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *