කරාපිටියේ මෝචරියේ කොරෝනා දේහයක්..! වෛද්‍යවරු වර්ජනයේ…! ශීතාගාර විසඳුමට දැඩි විරෝධය..!

December 23, 2020 at 2:33 pm | by emanisa.lk

තමන් අධිකරණ වෛද්‍ය කටයුතුවලින් වැළකී සිටීමට තීරණය කළ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු සහ රුහුණ විශ්වවිද්‍යාල අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු පවසති.

කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති කොරෝනා මළ සිරුර මෙතෙක් ඉවත් කර නොගැනීම ඊට හේතුවයි.

මේ හේතුවෙන් අද (23) සිට කරාපිටිය ශික්ෂණ රෝහලේ, මෘත දේහ සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකෙරෙන්නේ නැත. එමෙන් ම අධිකරණ වෛද්‍යවරුන් විසින් දෛනිකව සිදුකරන, රිය අනතුරුවලින් තුවාල ලබන රෝගීන් පරීක්ෂා කිරීම හා විවිධ අතවරයන්ට පත්වන පුද්ගලයන්ට හා බීමත් රියදුරන් සම්බන්ධයෙන් වාර්තා නිකුත් කිරීම ඇතුළු සියලු ම අධිකරණ වෛද්‍ය කටයුතු නවතා දමා තිබේ.

අදාළ සිරුර ඉක්මනින් ආදාහනය කළ යුතු බවට අධිකරණ වෛද්‍යවරයා උපදෙස් දුන් අවස්ථාවේ අධිකරණ නියෝග ගෙන එය වළක්වා ගෙන ඇත. මෙතෙක් එම සිරුරු තැන්පත් කිරීමට රෝහලට ශීතාගාර නොලැබී ඇති අතර ශීතාගාර ලැබුණ ද ඒවා තැබීමට ඉඩකඩ නොමැති බවත් ශීතාගාරවල කොරෝනා මරණ තැබීම අනතුරුදායක බවත් ඔවුහු පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස