මහර බන්ධනාගාර ගැටුමේ 04ක් මළේ වෙඩි වැදිලා! සිරුරු ආදාහනයට අධිකරණයෙන් නියෝග!

December 16, 2020 at 1:30 pm | by emanisa.lk

මහර බන්ධනාගාරයේ පසුගිය දා ඇති වූ කලහකාරි සිද්ධියෙන් මියගිය රැඳවියන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා විද්වත් කමිටුව විසින් අද (16) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

එම සිරුරු ආදාහනය කරන ලෙස වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පසුගිය නොවැම්බර් මස 29 සහ 30 දිනවල බන්ධනාගාරයේ ඇති වූ කලහකාරි තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් 11 දෙනෙකු මියගොස් තිබුණි.

ඔවුන්ගෙන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා මගින් අධිකරණයට පෙන්වා දී ඇත්තේ මරණවලට මූලික හේතුව වෙඩි වැදීම් බව ය.

ඒ අනුව අදාළ දේහ ආදාහනය කිරීමෙන් තොරව භූමදානය කිරීමට අවසර දෙන ලෙසට මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් සහ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *