පීසීආර් පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ දී අසත්‍ය තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට සහ එම පරීක්ෂණ මගහරින පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය සහ නිරෝධායන නීතිය ක්‍රියාත්මත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන පවසයි.
මොවුන් රටට ද්‍රෝහිකම් කරන පුද්ගයන් සහ වෛරසය තවත් පුද්ගලයන්ට ව්‍යාප්ත කරන්නන් වශයෙන් සලකා ඔවුන්ගේ නිශ්චල හා චංචල දේපළ මුද්‍රා තැබීමට කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේ ය.
පීසීආර් පරීක්ෂණය කිරීමේ දී ඇතැමුන් ලබා දෙන්නේ ව්‍යාජ තොරතුරු බව අනාවරණය වී ඇති බවත් අන් අයෙකු ලෙස පෙනී සිටීමේ වරදට ඔවුන් යටත් වන බවත් අජිත් රෝහණ පෙන්වා දුන්නේ ය.
මෙ වැනි නීති විරෝධී ක්‍රියාවල නිරත නොවන ලෙසත් කෝවිඩ් වෛරසය මෙ රටින් තුරන් කිරීමට රටවැසියන් වශයෙන් සියලු දෙනා ඒකරාශි වී සෞඛ්‍ය බලධාරීන්ට සහයෝගය ලබා දෙමින් කටයුතු කළ යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ ය.