බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව පීසීආර් පරීක්ෂණවලට ඉදිරිපත් නොවීමෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා පවසයි.
ඔහු පවසන්නේ හුදෙකලා කරන ලද අටළුගම ඇතුළු ග්‍රාම සේවා වසම්වල බහුතරයක් මුස්ලිම් ජනයා පීසීආර් පරීක්ෂණවලට ඉදිරිපත් නොවන බවය.
“කුඩා ඉඩ ප්‍රමාණයක ඉතා විශාල ප්‍රමාණයක ජනතාවක් වෙසෙන අටළුගම ප්‍රදේශයෙන් පසුගිය දින කීපය තුළ විශාල වශයෙන් කොරොනා රෝගීන් හමු වෙන්න පටන් ගත්තා .
අද වන විට හුදෙකලා කරන ලද එම ග්‍රාම සේවා වසම් වලින් රෝගීන් 143 දෙනකු හමුවෙලා තියෙනවා. එම ජනතාව එම ගැටලුවෙන් මුදා ගන්නට නම් කරන්න දෙන එකම දේ තමයි සෞඛ්‍ය උපදෙස් නිසි අයුරින් පිළිපැදීම වගේම පීසීආර් පරීක්ෂණවලට ඉදිරිපත් වීම. නමුත් අද වන විට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශවලට දැඩි අර්බුදයක් බවට පත්වෙලා අටළුගම ප්‍රදේශයේ සහෝදර මුස්ලිම් ජනතාව පීසීආර් පරීක්ෂණවලට ඉදිරිපත් නොවීම නිසා.
අටළුගම ප්‍රදේශයේ මුස්ලිම් නායකයින් අදට වඩා මීට වැඩි උනන්දුවක් දක්වලා තමන්ගේ සහෝදර මුස්ලිම් ජනතාව පිීසීආර් පරීක්ෂණ සඳහා යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. අටළුගම ගම මැද්දේ වෙනම පීසීආර් කණ්ඩායම් පැමිණිලා නිරන්තරයෙන් දිනපතාම මේ කටයුතු ඉතා හොඳින් කරන්න දැඩි කැපවීමක් කරනවා.
උදාහරණයක් හැටියට ඊයේ 25 බණ්ඩාරගම නගරයේ ව්‍යාපාරික ප්‍රජාවෙන් කරන ලද ආරාධනාවක් අනුව දෙසියයකට ආසන්න ප්‍රමාණයක් පි සි ආර් පරීක්ෂණ වලට සහභාගි වුණා. නමුත් අටළුගම ජනතාව එම ප්‍රදේශයේ තිබූ පීසීආර් පරීක්ෂණවලට පැමිණියේ තිබුණේ 16 දෙනයි.
පීසීආර් පරීක්ෂණවලට ඉදිරිපත් වී සෞඛ්‍ය අංශවලට ආරක්ෂක අංශවලට අටළුගම ජනතාව මේ වසංගතයෙන් මුදවා ගන්න, මේ රට මේ වසංගතය මුදවා ගන්න පීසීආර් පරීක්ෂණවලට ඉදිරිපත් වෙලා තම ආදරණීය මුස්ලිම් ජනතාව මුදා ගන්න කියලා. ඒ වගේ ම මම එම ප්‍රදේශයේ පල්ලිවල නායකයන්ගෙනුත් ඒ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.”