අටළුගම පුංචි කාන්තන්කුඩිය යළි වැඩ අල්ලයි! ගංජා අල්ලන්න ගිය පොලිසියට වටකර පහර දෙති! නිලධාරීන් බේරගන්න STF බලකායත් කැඳවයි!

September 9, 2020 at 1:29 pm | by emanisa.lk

බණ්ඩාරගම, අටළුගම, මාරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමකට ප්‍රදේශවාසීන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම ප්‍රදේශයේ ගංජා අලෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ලද තොරතුරු මත පොලීසිය විසින් සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටිය දී ගම්වාසීන් විසින් මාර්ගය හර් කර පොලිස් ජිප් රථයට ගල්මුල්වලින් ප්‍රහාර එල්ල කර තිබේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා අවට පොලිස් ස්ථානවලින් පොලිස් නිලධාරින් මෙන්ම පොලිස් විශේෂ කාර්යය බලකාය ද කැඳවා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස