ආසාදිතයන් 325ක්! මරණ 03ක්! සුවපත් පිරිස 377යි!

November 19, 2020 at 8:27 am | by emanisa.lk

ඊයේ (18) තවත් කොරෝනා ආසාදිතයන් 325 දෙනෙකු හඳුනාගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මොවුන් සියලු දෙනා පෑළියගොඩ පොකුරේ ආශ්‍රිතයෝ ය.

එසේ ම මරණ තුනක් වාර්තා වී ඇති අතර ඒ කඳාන, කොළඹ 12 සහ 13 ප්‍රදේශවලිනි.

ඊයේ සුවපත් වී රෝහල්වලින් නික්ම ගිය පිරිස 377කි.

ඒ අනුව මෙ රටින් වාර්තා වන සමස්ත රෝගීන් ගණන 18 402 දක්වා ඉහළ ගොස් ඇති අතර 12 587 දෙනෙක් සුවපත් වී තිබේ. මේ වන විට 5746 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මිය ගිය පිරිස 69කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස