අද නව ආසාදිතයන් 382ක්! සුවපත් පිරිස 311යි! මරණ 03යි!

November 16, 2020 at 10:11 pm | by emanisa.lk

අද (16) තවත් කොරෝනා ආසාදිතයන් 382 දෙනෙකු හඳුනා ගෙන තිබේ. මේ අතර 311 දෙනෙකු සුවපත් වී රෝහල්වලින් පිටව ගොස් තිබේ.

අද දිනයේ මිය ගිය කොරෝනා ආශ්‍රිත රෝගීන් ගණන 03කි. ඔවුන් කොළඹ සහ මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

ඒ අනුව අද වන විට වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගණන 17 516ක් වන අතර 11 806 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇත.

මේ වන විට 5652 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති. සමස්ත මරණ 61 දක්වා ඉහළ ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *