අද කොරෝනා මරණ 05ක්! සමස්ත මරණ 29 දක්වා ඉහළට!

November 5, 2020 at 8:58 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් ඇතැයි අද (05) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලදී.

මියගොස් ඇත්තේ, වයස අවුරුදු 46 සහ 74 වන පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ 68, 58, සහ 73 හැවිරිදි කාන්තාවන් තිදෙනෙකි.

දිනක් ඇතුළත මෙරට වාර්තා වූ වැඩි ම කොරෝනා මරණ සංඛ්‍යාව මෙයයි.

මේ අනුව ශ්‍රී ලංකාවෙන්  වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 29ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

එම ආසාදිතයන්ගේ විස්තර පහත නිවේදනයේ දැක්වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *