අදත් ආසාදිතයන් 430ක්! මරණ 05ක්! සුවපත් පිරිස 657යි!

November 10, 2020 at 9:42 pm | by emanisa.lk

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද දින ආසාදිතයන් 430 දෙනෙකු එකතු වී ඇත. දිනය ඇතුළත කොරෝනා ආසාදිත මරණ 05ක් වාර්තා විය.

ඒ සියලු දෙනා පෑලියගොඩ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයෝ වෙති. මේ දක්වා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි 10,803 දෙනෙකු වූ අතර, අද හඳුනාගත් පිරිස සමඟ එම පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 11,108 ක් විය.

මේ අතර වෛරසය ආසාදනය වී 657 දෙනෙකු සුවය ලබා අද (10) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 9537 කි. ආසාදිතයෝ 5137 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිති.

ශ්‍රී ලංකාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් 14,715 දෙනෙකු වාර්තා වන අතර 41 දෙනෙකු මිය ගොසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස