අදත් ආසාදිතයන් 470කට සුවයි! සුවපත් පිරිස 10 653යි! මරණ 02යි!

November 12, 2020 at 4:53 pm | by emanisa.lk

කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 470 දෙනෙක් අද (12) දින සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර කොළඹ සහ මීගොඩ ප්‍රදේශවල කොරෝනා මරණ දෙකක් වාර්තා වී ඇත. ඒ අනුව ලංකාවේ කොරෝනා මරණ 48 දක්වා ඉහළ යයි.

ඒ අනුව මේ වන විට සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 10,653 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට ලංකාවෙන් වාර්තා වන මුළු රෝගීන් ගණන 15 350ක් වන අතර 4651 දෙනෙක් තවමත් ප්‍රතිකාර ලබති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස