මළ මුස්ලිම් ජාතිකයින් පිච්චීම පවක්! ආණ්ඩුව ජාතිවාදී තින්දුවක් අරන් පුච්චනවා! – සජිත්

November 3, 2020 at 2:09 pm | by emanisa.lk

මුස්ලිම් ආගම සහ සංස්කෘතිය අනුව ඉස්ලාම් භක්තිකයකු මිය ගිය විට පිච්චීම පාපයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එහෙත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඉතා ම ජාතිවාදී ආකාරයට කොරෝනා ආසාදනයෙන් මිය ගිය මුස්ලිම් ජාතීකයන් පුළුස්සා දැමීම සඳහා තීන්දුවක් ගත් බව ඔහු අද (03) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ ය.

අධිකරණ ඇමැති අලි සබ්රි එහි දී පෙන්වා දුන්නේ එය ජාතිවාදී පදනමක් මත නොව විද්‍යාත්මක හේතු මත විශේෂඥ කණ්ඩායමක් ගනු ලැබූ තීන්දුවක් බවත් ඊට දේශපාලනය ඇඳාගත නොයුතු බවත් ය.

එහි දී සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ එම තීන්දුව පිළිබඳ නැවත සලකා බැලීමට කමිටුවක් පත්කර ඇති බවත් එය ලබන සතියේ රැස්ව අදාළ තීන්දුව නැවත සමාලෝචනය කරන බවත් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස