ලංකාවේ මෙතෙක් සිදු වී ඇත්තේ කොරෝනා මරණ 21ක් පමණක් බව රජයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ඔක්තෝබර් 31 පානදුරේ රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් සිටි තරුණයා පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනා ගෙන එය කොරෝනා මරණයක් ලෙස වාර්තා කළ බවයි.
කෙසේ වුව ද මොහුගේ මරණයට කොරෝනා රෝග තත්ත්වය නිසා සිදු නොවූ බවත් රෝගයේ බලපෑම තක්සේරු කිරීමට වැදගත් වන්නේ එම රෝගයේ බලපෑම නිසා සිදුවන මරණ බවත් එමගින් වැඩි දුරටත් අවධාරණය කරයි.
මෙම තරුණයා මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ තරුණයෙකු වන අතර සිය නිවසේ ගෙළ වැල ලා ගෙන සිය දිවි නසා ගෙන තිබිණි.