පෝදා වැඩසටහන්වලට 50කට වඩා එපා! වයෝවෘද්ධ සහ රෝගී පිරිස් නිවසේ ම රැඳෙන්න! – සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

October 29, 2020 at 9:23 am | by emanisa.lk

වප් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති හෙට (30) දින රට පුරා විහාරස්ථානවල පවත්වන පිංකම් සඳහා 50 දෙනෙකුට අඩු සංඛ්‍යාවක් පමණක් සහභාගී කරවා ගන්නා ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම පවසයි.

නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල විහාරස්ථානවල වෙනදා මෙන් ආගමික කටයුතු කිරීමට නොහැකි බවත්, ඇඳිරිනීතිය නොමැති බව සිතා වෙනත් පළාත්වල විහාරස්ථානයන්හි විශාල වශයෙන් පිරිස් සහභාගී කරවා ගෙන ආගමික කටයුතු සිදුකළහොත් එය කොරෝනා වෛරසය පැතිරයාමට හේතු විය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා අනතුතුරු අඟවයි.

එබැවින් 50 දෙනෙකුට අඩු ඉතා සුළු සංඛ්‍යාවක සහභාගීත්වයෙන් යුතුව ආගමික කටයුතු කිරීම රෝගය පැතිරීම වළක්වා ගැනීමට වැදගත් බව ද වෛද්‍යවරයා කීවේ ය.

විශේෂයෙන් මෙම කාල වකවානුව තුළ කොරෝනා වෛරසයෙන් දැඩි ජීවිත අවදානමක් මතුවන අවුරුදු 60ට වැඩි වයෝවෘද්ධ පුද්ගලයින් හා දියවැඩියා, හෘද, අධික රුධිර පීඩනය වකුගඩු රෝග ඇති අය නිසි පරිදි ඖෂධ ලබාගැනීමත්, නිවසේම රැඳී සිටීමත් අතිශය වැදගත් බව ද පාලිත කරුණාප්‍රේම පැවසීය.

වෛද්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස