බදියුදීන්ට සැඟවෙන්න උදව් කළ හකීම් සොයා මෙහෙයුම්!

October 23, 2020 at 10:21 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අවසන් වරට සැඟව සිටි දෙහිවල නිවස හිමිකාර ව්‍යාපාරිකයා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා ඇත.

කල්මුණේ පදිංචි ව්‍යාපාරිකයකු වන හකීම් නමැති ඔහු ඉකුත් 16 වැනිදා රිෂාඩ් බදියුදීන්ට නිවස භාරදී පවුලේ අයත් සමග පිටව ගොස් ඇතැයි දැනට කරන විමර්ශනවලදී හෙළිවී තිබේ.

බදියුදීන්ගේ ළඟම හිතවතකු වූ මෙම ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණීමට පෙර ඔහු රැඳී සිටියේ වෛද්‍යවරියකට අයත් නිවසකය. මුලින් මාධ්‍ය මගින් අනාවරණය වූයේ රිෂාඩ් අවසන් වරට රැඳී සිටියේ මෙම වෛද්‍යවරියගේ නිවසේ බවයි.

රිෂාඩ්ට අවසන් වරට නිවෙස ලබාදුන් දෙහිවල රෆ් ප්ලැට්හි නිවාස සංකීර්ණයේ එම ව්‍යාපාරිකයා සොයා ඊයේ (22) දිනයේත් මෙහෙයුම් දියත් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස