දැනට ඉදිරිපත් කරති විසිවන ආආණ්ඩුක්‍රම සංශෝධන පනත් කෙටුම්පත මගින් මීට පෙර සිටි ජනාධිපතිවරුන්ට නො තිබූ අංශුමාත්‍රයක බලයක් හෝ වත්මන් ජනාධිපතිවරයාට නො ලැබෙන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමති සරත් වීරසේකර සඳහන් කරයි.
මෙම සංශෝධනයෙන් සිදුවන්නේ 19 වෙනි සංශෝධනය මගින් දියාරු කර ඇති බලතල යළිත් ජනාධිපතිවට ලබා ගැනීම පමණක් යැයි ද ඔහු පෙන්වා දෙයි.
එනිසා විරෝධතා නවතා පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සහාය වන ලෙස ආගමික නායකයින් ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.
කොළඹ වියත්මග කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
කෙසේ නමුත් විසිවන සංශෝධනය ඉදිරිපත් කළ ආකාරයේ වරදක් ඇති බව තමන් පිළිගන්නා බවද ඔහු මෙමගින් සිදු වන්නේ 19 සංශෝධනය අහෝසි කිරීමක් බව ජනතාවට මීට පෙර අවබෝධ කර දිය යුතුව තිබූ බව ද පැවසීය.
ස්වාමීන් වහන්සේලා සහ අනෙකුත් දේශප්‍රේමීන් සංවිධානවල මතය නිවැරදි බවත් මීට පෙර මෙය පැහැදිලි කළා නම් මෙය සිදු වන්නේ නැති බවත් ඔහු පැවසීය.
විවිධ සංවිධාන විසින් ඉදිරිපත් කරන ඉල්ලීම්වල තේරුමක් නැති බවත් ඔහු තවදුරටත් එහිදී සඳහන් කළේය.