රිෂාඩ් සතියකට බන්ධනාගාරයට! මාධ්‍ය හමුවට ගිය අයටත් වැඩ වරදී!

October 19, 2020 at 8:28 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මෙම මස 27 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කොට ඇත.

රාජ්‍ය මුදල් අවභාවිතය හා 2019 වසරේ ජනාධිපතිවරණ දිනයේ දී අවතැන්වූ පිරිසක් ලංගම බස්රථ මගින් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා රැගෙන ඒම පිළිබඳ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් අනවශ්‍ය බවට අධිකරණය ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් පොලීසියට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායම් 06ක් විසින් විමර්ශන ආරම්භ කරනු ලැබීය.

දින 06ක කාලයක් සැඟව සිටි මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අලුයම දෙහිවල ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක දී අත්අඩංගුවට ගනු ලැබීය.

මේ වන විට ඔහුට රැකවරණ සැපයූ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ රිෂාඩ් බදියුදීන් පිළිබඳ මාධ්‍ය හමුවක් කැඳවූ පිරිස පිළිබඳව ද විමර්ශන ආරම්භ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස