සැඟව සිටින බදියුදීන්ගෙන් සජිත්ට දුරකතන ඇමතුමක්!

October 16, 2020 at 11:31 pm | by emanisa.lk

මේ වන විට නීතිපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත දුරකතන ඇමතුමක් ගෙන ඇතැයි වාර්තා වෙයි.

රිෂාඩ් බදියුදීන් මේ වන විට සැඟව සිටින අතර පොලිස් කණ්ඩායම් හයක් ඔහු සොයා මෙහෙයුම් දියත් කර තිබේ.

කෙසේ වුවද මෙතෙක් රිෂාඩ් බදියුදීන් සිටින ස්ථානයක් හඳුනා ගෙන නොමැත. නීතියේ ඇසට වැලි ගසමින් කට්ටි පනින බදියුදීන්, සජිත් ප්‍රේමදාසට දුරකතන ඇමතුමක් ගැනීම පිළිබඳ ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කට උත්තරයක් ලබා ගෙන තිබේ.

සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සිය පක්ෂයේ මන්ත්‍රීවරයෙකු පක්ෂ නායකයා වෙත දුරකතන ඇමතුම් ලබා දීම සාමාන්‍ය සිද්ධියක් බවත් එය ආණ්ඩුවට ප්‍රශ්නයක් වීම විහිළු සහගත බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස