එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
මෙවර මහ මැතිවරණයේ දී ඔහු සමගි ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ කර පරාජයට පත්විය.
ඉදිරියේ දී තමන් සිය ව්‍යාපාර කටයුතු සිදු කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට තීරණය කළ බවත් නැවතත් දේශපාලනය කිරීමට බලාපොරොත්තු නොවන බවත් ඔහු සඳහන් කළේය.
ලබන වසරේ සිට තමන් හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා යොමු වීමට අදහස් කර සිටින බවද ඔහු කියා සිටියේය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස සඳහන් කළේ සුජීව සේනසිංහට මහජන සේවය නිසා කසාදයක් කරගත නොහැකි වූ බවත් ඉදිරියේ දී ද ඊට ඉඩ නොතබන බවය.