පොලිසිය මේ දිනවල මාර්ග කිහිපයක අත්හදාා බලන මංතීරු නීතිවලට සමාජ මාධ්‍යවල මිශ්‍ර ප්‍රතිචාර ලැබෙයි.
බස්, ත්‍රිරෝද රථ, යතුරු පැදි සඳහා එක් මං තීරුවක් ද සෙසු මං තීරු දෙක කාර්, වෑන්, ලොරි ඇතුළු පොදු ප්‍රවාහන නොවන වාහන සඳහා මංතීරු දෙකක් ද වෙන් කිරීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව ඇත.
යතුරු පැදි ත්‍රිරෝද රථ බස් ඇතුළු පොදු ප්‍රවාහන සේවා සඳහා මංතීරු දෙකක් ද පෞද්ගලික වාහන සඳහා මංතීරුවක් ද වෙන් කළ යුතු බව ඔවුන්ගේ අදහසයි.
තවත් පිරිසක් පෙන්වා දෙන්නේ මංතීරු නීති බලාත්මක කර විනයගරුක ලෙස මාර්ග භාවිතයට හුරු කිරීම වැදගත් බවත් එමගින් මාර්ග තදබදය මෙන් ම රිය අනතුරු ද අවම වනු ඇති බවය.