අතින් අල්ලා ආහාර විකිණීම සපුරා තහනම්!

January 17, 2019 at 4:39 pm | by admin

ආහාර අතින් අල්ලා අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය තීරණය කර තිබේ.
මෙය මැයි පළමු වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ආහාර සපයන ආයතනවලට හා ආපන ශාලා හෝ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ජංගම වෙළෙඳුන්ට අතින් අල්ලා ආහාර අලෙවි කිරීම ලබා දීම සපුරා තහනම් වේ. මේ පිළිබඳව සමස්ත ජනතාව දැනුම්වත් කරන ලෙස පළාත් හා දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට ඊයේ උපදෙස් ලබා දී තිබේ. ඉදිරි මාස තුන තුළ එය ජාතික වැඩපිළිවෙළක් ලෙස සලකා සිදු කෙරේ.

ආහාරය අතින් අල්ලා ලබා දෙන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන ලෙසට දරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වේ. මෙම වැඩපිළිවෙළ පාසල් ආපනශාලා තුළින්ම ආරම්භ කිරීමට කටයුතු සලසා තිබේ.

මැයි පළමු වැනිදා සිට ක්‍රියාත්මක කරන මෙ වැඩපිළිවෙළ කඩ කළහොත්, එයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනු ලැබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස