පළාත් සභා අහෝසි කළොත් ප්‍රාදේශීය සභා නගර සභාවලට බලය දෙනවා! – බැසිල්ගෙන් පළාත් පාලන නියෝජිතයන්ට ප්‍රතිඥාවක්….

September 14, 2020 at 9:25 am | by emanisa.lk

පළාත් සභා අහෝසි කරන්නේ නම් පළාත් සභාවල ඇති බලය පළාත් පාලන ආයතනවලට ලබාදෙන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අවධාරණය කර ඇත.

පළාත් සභා නියෝජිතයන් හා ප්‍රාදේශීය සභා නියෝජිතයන් කොළඹට කැඳවා ඉකුත් සිකුරාදා (11) පැවැත්වූ සාකච්ඡාවකදී හෙතෙම මේ බව දන්වා ඇත.

දැනට පළාත් සභා තිබෙන බැවින් මැතිවරණය පවත්වනවා නම් හැකි තරම් ඉක්මනින් පවත්වන බවත්, එමගින් චිරාත් කාලයක් පළාත් සභා පවතින බවට අදහස් නොකරන බවත් හෙතෙම පෙන්වා දී ඇත.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පළාත් සභා වෙනස් කිරීමට යන බවත්, ඔහුගේ හිතුමතේට එය වෙනස් කළ නොහැකි බවත් කියමින් පළාත් පාලන නියෝජිතයකු කළ විරෝධය පෑමකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පෙන්වාදී ඇත.

එය සරත් වීරසේකරගේ මතය, මටත් මතයක් තියෙනවා. පක්ෂයටත් මතයක් තියෙනවා. පළාත් සභා අහෝසි කරනවා නම් එහි බලය ප්‍රාදේශීය සභාවලට පවරනවා යැයි මෙහිදී බැසිල් රාජපක්ෂ පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස