19ට එදා එකඟ වෙලා අද එරෙහි වීම වැරදියි! ජනමතය අපට අදාළ නෑ! අපි සෝභිත පිළිරුව යට සත්‍යග්‍රහයක් කරනවා! – සෝභිත හිමිගේ සාධාරණ සමාජේ…

August 29, 2020 at 6:16 pm | by emanisa.lk

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ‍අහෝසි කිරීමට එරෙහිව සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය තීරණය කරයි.

එම සංවිධානයේ ලේකම් පාලිත ලිහිණියකුමාර පවසන්නේ පාර්ලිමේන්තුව අසල ඉදිකර ඇති මාදුළුවාවේ සෝභිත නාහිමිගේ ස්මාරකය අභියසදී සැප්තැම්බර් 15 වැනිදා මෙම සත්‍යග්‍රහය පැවැත්වෙන බවයි.

19 වැනි සංශෝධනය සම්මත කළේ එවකට පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ එකඟතාවෙන් බැවින් එම පුද්ගලයන්ම අද එයට විරුද්ධ වීම ගැටලුවක් බව එම සංවිධානය පවසයි.

19 වැනි සංශෝධනය ගෙන ඒමේදී මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාර ප්‍රබල කාර්යභාරයක් ඉටු කළේය.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වත්මන් ලේකම් බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජතික පක්ෂ අපේක්ෂයකු ලෙස තරඟ කළ අපේක්ෂකයෙකු ද වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස