කොරෝනා වසංගතය අපට කියා දෙන වැදගත්ම පාඩම මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක් පවත්වා ගෙන යාමේ තීරණාත්මක අවශ්‍යතාව යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
මෙරට බොහෝ රෝහල්වල පාලනය පළාත් සභාවලට පවරා තිබුණ ද සෞඛ්‍ය අර්බුදයකදී පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි රෝහල් ප්‍රමාණවත් සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ කළමනාකාරීත්වය යටතේ පවතී.
සෞඛ්‍ය සේවාව පළාත් සභාවලට සම්පූර්ණයෙන්ම පවරා තිබුණේ නම් මෙම වසංගතය හමුවේ මෙරට දැක්වූ ප්‍රතිචාරයේ කාර්යක්ෂමතාව බොහෝ සෙයින් වෙනස් වීමට ඉඩ තිබූ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඇතැම් කාර්යයන් විෂයෙහි මධ්‍යම ආණ්ඩුවේ වගකීම පවත්වා ගැනීමේ වැදගත්කම මෑතකාලීන අත්දැකීම්වලින් තහවුරු වූ බවත් අධ්‍යාපනය එසේ හඳුනාගත හැකි තවත් ක්ෂේත්‍රයක් බව ජනාධිපතිවරයා පවසයි.
කැලණිය, නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ අද (05) ආරම්භ වූ වැඩමුළුවක ආරාධිත දේශනය සිදුකරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව සඳහන් කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ මෙම වැඩමුළුවට සීමාවාසික වෛද්‍ය පුහුණුව සඳහා තෝරාගනු ලැබ සිටින ආධුනික වෛද්‍යවරු 680 ක් එක්ව සිටියහ.