පිටරටින් වළං හට්ටි මුට්ටි කොහු ඉදල් ගෙන ඒම නවතයි! සියල්ල ලංකාවේ නිපදවන්න මැටි ඇමතිගෙන් සැලසුම්!

August 25, 2020 at 10:25 am | by emanisa.lk

මෙරට ජනතාව භාවිත කරන මුලූතැන්ගෙයි සහ ගෘහ උපකරණ කිහිපයක් පිට රටින් මෙරටට ගෙන්වීම සීමා කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව ඇලූමිනියම් භාණ්ඩ වෙනුවට ආහාර සැකසීමට ගන්නා වළං, හට්ටි, මුට්ටි ඇතුළු මැටියෙන් නිර්මාණය කල හැකි භාණ්ඩ පිටරටින් ගෙන්වීම සීමා කිරීමටයි යෝජනා වී ඇත. එහි ප‍්‍රධාන අරමුණ මෙරට මැටි කර්මාන්තය දියුණු කිරීමය.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ගෘහ කර්මාන්ත ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප‍්‍රසන්න රණවීර රේඩියෝ නාළිකාවක් සමග පැවති සාකච්ඡාවකදී මේ බව හෙළි කළේය.

එහිදී ඔහු කියා සිටියේ මෙරට ගෘහ ඒකක සඳහා අවශ්‍ය මැටි භාණ්ඩ කඩිනමින් මෙරටදීම නිපදවීමට සැලසුම් සකස් කර ඇති බවය.

කොස්ස, ඉදල, මේස, පුටු ඇතුළු ප්ලාස්ටික ගෘහ භාණ්ඩ වෙනුවට මෙරට නිෂ්පාදිත ලී භාණ්ඩ ප‍්‍රචලිත කිරීමේ වැඩපිළිවලක්ද සකස් කර ඇති බව ද ප‍්‍රකාශ විය. ඒ සඳහා විශේෂිත ආයතනයක්ද පිහිටුවීමට නියමිතය.

එමෙන්ම දරුවන් ඉතිරි කිරීමට හුරු කිරීම වෙනුවෙන් බැංකුවලින් ලබා දෙන ප්ලාස්ටික කැට වෙනුවට මැටි කැට ලබා දීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමුව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස