ප්‍රසිද්ධ සමීක්ෂණ ආයතනයක් රට පුරා සිදු කළ සමීක්ෂණයක ප්‍රතිඵල තමා වෙත ලැබී ඇතැයි සමගි ජනබලවේග කළුතර දිස්ත්‍රික් නායක අජිත් පී. පෙරේරා පවසයි.
එම සමීක්ෂණ ප්‍රතිඵල සියල් මේ අවස්ථාවේ හෙළිකළ නොහැකි බව ඔහු සඳහන් කළේය.
එම ප්‍රතිඵල අනුව සමගි ජන බලවේගයට නියත ලෙසම ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව ඇතැයි හෙතෙම හෙළි කළේය.
එසේම එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස එළඹෙන පාර්ලිමේන්තුවේ නියත අගමැතිවරයා බව ද ඔහු තහවුරු කළේය.