13, 16 සහ 19 සංශෝධනය කර රට රැකගන්න 2/3ක බලයක් දෙන්න! – අගමැති මහින්ද යුතුකම ඉල්ලීමට එකඟවෙමින් කියයි.. (video)

July 8, 2020 at 6:09 pm | by emanisa.lk

අප රටක් ලෙස ලබාගත් ජයග්‍රහණ ඉදිරියටත් රැක ගැනීමට නම් ඒ සඳහා ඔබින ව්‍යවස්ථාවක් ව්‍යවස්ථා සංශෝධනයක් උවමනා බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

යුතුකම ජාතික  සංවිධානය මගින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා අවධාරණය කළේ 13 වෙනි සංශෝධනය සහ 19 වෙනි සංශෝධනයෙහි මතුව ඇති විපර්යාස රටේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් වෙනස් කළ යුතු බවත් ඒ සඳහා 2/3 පාර්ලිමේන්තු බලයක් උවමනා බවත්ය.

යුතුකම ජාතික සංවිධානය සංවිධානය කළ “මහින්ද මෙහෙවර කූටප්‍රාප්තිය කරා” වැඩසටහනට කොළඹ පදනම් ආයතනයේ දී එකතු වෙමින් (06) අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

“2015 අවුරුද්දේ රටේ සිදුවූ විශාලතම කුමන්ත්‍රණය සමග යුතුකම නමැති වචනය බොහෝ දෙනාට අමතක වුණා. පසුගිය වසර කිහිපය තිස්සේ අපට යුතුකම කියන වචනයවත් දකින්න ලැබුණේ නෑ. එවැනි අඳුරු යුගයක තමයි යුතුකම සංවිධානය බිහි වුණේ. රටේ සංස්කෘතිය සභ්‍යත්වය ආරක්ෂා කර ගැනීමට නම් යුතුකම මුල්විය යුතුයි.

ඉතිහාසයේ කවදාවත් සිදුනොවූ ආකාරයේ කුමන්ත්‍රණයක් විදෙස් රටවල මැදිහත්වීමෙන් මේ රටේ 2015 ඇති වුණා. විශාල බොරු ප්‍රචාර සමාජගත කළා. පොල්වතු, වටිනා ගොඩනැඟිලි සියල්ල මහින්ද රාජපක්ෂගේ කීවා. ගෝල්ෆේස් ඉඳලා කොල්ලුපිටියට යනකල් ඉඩම් මහින්ද රාජපක්ෂගේ කීවා. ඩුබායිවල හෝටලයක් තියෙනවා කිව්වා. ගිණුමේ තියෙන මුදල් ගාණ ඇහැට දැක්කා වගේ කීවා. අවාසනාවන්ත විදිහට මේ කුමන්ත්‍රණය එදා සාර්ථක වුණා.

අපි විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගත් ජාතියක්. ඒ ජයග්‍රහණ රැකගන්න නම් ශක්තිමත් ව්‍යවස්ථාවක් ඕන. ව්‍යවස්ථාව වෙනස් කරන්න නම් 2/3ක බලයක් ඕන. ආණ්ඩුවේ සැලුන් දොර වහලා යකඩ දොරක් දාගන්න අපි සූදානම්. ඒ සඳහා අපට 2/3 ආණ්ඩු බලයක් දෙන්න.”

https://www.facebook.com/yuthukama/videos/616570112398064/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස