නැඟෙනහිර මහ ඇමතිකම දෙමළ ජාතිකයෙකුට දෙනවා කියලා මහින්ද කීවා! – කරුණා

July 7, 2020 at 4:21 pm | by emanisa.lk

මහා මැතිවරණයෙන් පසු පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී නැගෙනහිර මහ ඇමති ධුරය දෙමළ ජාතිකයෙකුට ලබා දීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තමාට පොරොන්දු වූ බව විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අනාවරණය කරයි.

නැගෙනහිරට අවශ්‍ය කුමක් දැයි අග්‍රාමාත්‍යවරයා තමන්ගෙන් විමසූ බවත් තමන් එහිදී නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමති ධුරයට දෙමළ ජාතිකයෙකු පත් කරන ලෙස ඉල්ලා සිටි බවත් ඔහු ප්‍රකාශ කරයි.

අග්‍රාමාත්‍යවරයා කියන වචනය ඒ අයුරින්ම ඉටු කරන බව ප්‍රකාශ කරන මුරලිදරන් මිට පෙරද මේ ආකාරයෙන්ම නැගෙනහිරට විය යුතු දේවල් ගැන තමන්ගෙන් විමසා ඇති බවද සඳහන් කරයි.

කරුණා අම්මාන් මෙවර මහා මැතිවරණය සඳහා අම්පාර දිස්ත්‍රික්කයට දෙමළ මහ සභාවෙන් තරඟ වදී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස