මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2000 ඉක්මවා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම රෝගීන් දෙදහස අතරින් 960ක් පමණ නාවික සෙබළුන් බවත් ඔවුන්ට රෝගය බෝ කළේ චීනුන් හෝ අප නොව ජනාධිපති නන්දසේන බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පෙන්වා දෙයි.
ඒ අනුව කොරෝනා උවදුරින් රට බේරා ගත්තේ ජනාධිපතිවරයා යැයි පැවසීම විහිළුවක් බවත් රටටම කොරෝනා බෝ කළේ ඔහු බවත් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.