මං අපේ ආගමික නායකතුමා ළඟට ගියේ පක්ෂ නායකතුමා කී නිසා! කාදිනල්තුමා වරදක් කළ බව මා හමුවේ පිළිගත්තා! – හරීන් (video))

June 28, 2020 at 11:13 pm | by emanisa.lk

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා මුණ ගැසීමට තමා ගියේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ඉල්ලීමට බව එම පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු පවසයි.

සිය ප්‍රකාශය නිසා සමගි ජන බලවේගයේ කතෝලික මන්ත්‍රීවරුන්ට අවාසියක් විය හැකි බවට සිය නායකයා අයියා කෙනෙකු මෙන් පැහැදිලි කර දී අගරදගුරුතුමා බැහැදැකීමට යා යුතුම යැයි පැවසූ නිසා තමන්ට ඒ ඉල්ලීිම ඉවත දැමීමට නොහැකි වූ බව ඔහු පවසයි.

පෘථඃජනයකු ලෙස තමන් අතින් වරදක් වූ බව ද කාදිනල්තුමා ද තමා අතින් වරදක් වූ බවත් සිය ප්‍රකාශ මැතිවරණය කෙරෙහි බලපෑ බවත් පිළිගත්තේ යැයි හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

අද (29) සමගි ජන බලවේගයේ කිරිඳිවැල සහ මීරිගම පැවති ජනහමු දෙකකට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස