හරීන්ගේ ප්‍රකාශය කතෝලික ජනතාවට කළ නිග්‍රහයක්! ඔහු ජාතියෙන් සමාව ගත යුතුයි! – කාවින්ද

June 22, 2020 at 10:06 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු ජාතියෙන් සමාව ගතයුතු බව එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක කාවින්ද ජයවර්ධන පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය දිනවා රනිල් පරාජය කිරීමට කාදිනල්තුමා පිළිකුල් සහගත දේශපාලනයක නිරත වූ බවට ඊයේ හරීන් ප්‍රනාන්දු කළ චෝදනාවට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙම ප්‍රකාශය පිළිබඳ පක්ෂය තීන්දුවක් ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද හරීන් ප්‍රනාන්දු කාදිනල්තුමාගෙනුත් කතෝලික ජනතාවගෙනුත් සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙනුත් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව ද ඔහු අවධාරණය කළේය.

තමා කතෝලික දේශපාලනඥයකු ලෙස මෙම ප්‍රකාශය පිළිබඳ සමස්ත ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින අතර එය හෙළා දකින බව ද කාවින්ද ජයවර්ධන සඳහන් කළේය.

මේ වන විට හරීන් ප්‍රනාන්දු සහ කාවින්ද ජයවර්ධන අතර පෞද්ගලික ආරවුලක් පවතින අතර හරීන් ප්‍රනාන්දු මෙම ප්‍රකාශය මගින් සමගි ජන බලවේගයට ලැබෙන කතෝලික ඡන්ද අහිමි කර කාවින්ද ජයවර්ධන පරාජය කිරීමට උත්සාහ කරන බවට සමාජමාධ්‍යවල අදහස් පළ වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස