කාදිනල් හිමි පක්ෂපාතියි! මං ළඟ පයිල් තියෙනවා! සජිත් එපා කී නිසා එළියට දාන්නේ නෑ! – හරීන් සමග එක්වෙමින් රංජන් කියයි….

June 25, 2020 at 11:05 am | by emanisa.lk

මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ගැන තමන්ටද විවේචනයක් ඇතැයි හිටපු රාජ්‍ය ඇමති සමගි ජනබලවේගයේ අපේක්ෂක රන්ජන් රාමනායක සඳහන් කරයි.

තමන් සතුව කාදිනල් හිමියන්ගේ පක්‍ෂපාතීත්වය ගැන තොරතුරු රැසක් ඇති බව ද එම තොරතුරු මේ මොහොතේ හෙළි කිරීමට තමන්ට නොහැකි බවද ඔහු පවසයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් ආගමික නායකයන් ගැන ආන්දෝලනාත්මක අදහස් දැක්වීම සිදු නොකරන ලෙස සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා තිබීම නිසා මෙම හෙළිදරව්ව සිදු නොකරන බව ද ඔහු පවසයි.

කෙසේ නමුත් අවශ්‍ය මොහොතේදී සියලු තොරතුරු හෙළිදරව් කිරීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස