පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල්තුමා මට දොස්කීම බයිබලයට පටහැනියි! – හරීන්

June 24, 2020 at 1:12 pm | by emanisa.lk

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමා යම් වැරැද්දක් කර ඇත්නම් අගරදගුරුතුමන් විසින් පළමුවෙන් කළ යුතුව තිබුණේ ඒ පිළිබඳව තමා පෞද්ගලිකව දැනුම්වත් කිරීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

එසේ නොමැතිව තමන් සහ තම පියා ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුම්වත්ව, ඒ පිළිබඳ තොරතුරු සඟවාගෙන සිටි බවට මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය ශුද්ධ වූ බයිබලයේ ඉගැන්වීම්වලට පටහැනි බවත් හිටපු මන්ත්‍රීවරයා පවසයි.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් අනතුරුව එම ප්‍රකාශය නැවත යුක්ති සහගත කරමින් හිටපු මන්ත්‍රීවරයා තම සිය ෆේස්බුක් පිටුවේ වි​ශේෂ ප්‍රකාශයක් පළකරමින් මේ බව පවසා ඇත.

අදාළ ෆේස් බුක් සටහනේ හිටපු මන්ත්‍රීවරයා, ‘මා යම් වැරැද්දක් කර ඇත්නම් අගරදගුරුතුමන්ගේ කා​ර්යභාරය වූයේ (මාහට ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයකු ලෙස) පෞද්ගලිකව දැනුම්දීමයි. එය අසාර්ථක වුවහොත් ඔහුට පල්ලියේ සෙසු සාමාජිකයන් සමග මට උපදෙස්දීමට ඉඩ තිබුණා.’ යැයිද සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස