මහ ඡන්දෙන් පොහොට්ටුවට ඡන්ද ලක්ෂ 77ක්! 2/3 ඉක්මවා ආසන 153ක්!

June 21, 2020 at 6:19 pm | by emanisa.lk

මෙවර පැවැත්වෙන මහ මැතිවරණයෙන් ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණට ආසන 153 ක් හිමිවන බව නුවරඑලිය දිස්ත්‍රික් ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණේ අපෙක්ෂක සහ හිටපු රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට, ආග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂට, ආණ්ඩුවට සහ රටටත් සෙත්පතා  (21) දින මස්කෙලිය මවුස්සාකැලේ සමන්දේවාලයේ පැවති ආශිර්වාද පුජාවකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් එස්.බි.දිසානායක මෙි බව අනාවරණය කළේය.

මෙහිදි මාධ්‍යයට වැඩිදුරටත් අදහස් දක්වමින් එස්.බි.දිසානායක කියා සිටියේ ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂට හිමි වු ජන්ද ප්‍රමාණයට වඩා ලක්ෂ 8 පමණ වැඩි ජන්ද ප්‍රමාණයක් මෙවර ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණට ලැබෙන බවයි.

ආශිර්වාද පුජාවට පැමිණ සියලු දෙනාම සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් සමන් දේවාල පරිශ්‍රයට ඇතුල් කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස