කොරෝනා ආසාදිත ඉන්දියානුවෙක් ගුවනින් ලංකාවට එවයි!

June 19, 2020 at 8:30 am | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හදුනා ගත් රෝගී ගුවන් මගියෙකු කටාර් රාජ්‍යයේ දෝහා සිට අද (19) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ.

මෙම ඉන්දීය ජාතික නාවිකයා ඇතුළු 69 දෙනෙකු පසුගිය 17 වැනි දින සවස 5.30 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබිණි.

එම ගුවන් මගීන් අතරින් 54 දෙනෙකු කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය සඳහා යොමු කළ අතර ඉතිරි 15 දෙනා කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටාර් රාජ්‍යයේ දෝහා බලා පිටත්ව ගොස් තිබිණි.

එසේ පිටත්ව ගිය 15 දෙනා අතර මෙම ගුවන් මගියා ද සිට ඇති අතර දෝහා ගුවන් තොටුපළේ දී ඔහු කොරෝනා ආසාදිතයකු බව අනාවරණය වීමත් සමග ඔහු පැමිණි ගුවන් යානයෙන්ම නැවත කටුනායක ගුවන් තොටුපළ වෙත හරවා එවා තිබෙි.

ජාත්‍යන්තර ගුවන් ගමන් නීතිය අනුව මෙවැනි ප්‍රශ්නගත ගුවන් මගීන්  ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු ඔහු පැමිණි ගුවන් තොටුපළ වෙත හරවා යැවීම සිදු කෙරෙනවා.

එහෙත් ඔහු ආපසු ඉන්දියාවේ මුම්බායි නුවර වෙත යැවීමට ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයක් මෙම අවස්ථාවේ නොමැති නිසා මෙම ගුවන් මගියා ශ්‍රී ලංකාවේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහල වෙත විශේෂ ගිලන් රථයක් මගින් යොමු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව