කෝමාරිකා චන්ද්‍රසේනගේ බොරුව මාට්ටුයි! විල්පත්තු ප්‍රේරකයේ කෝමාරික වවන්න පරිසර වාර්තා අරන් නෑ!

March 5, 2020 at 10:34 am | by emanisa.lk

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපය යොදා ගනිමින් කෙරෙන කෝමාරිකා පැළ තවාන් ව්‍යාපෘතිය සඳහා මේ දක්වා පරිසර ඇගයීම් වාර්තාවක් ලබාගෙන නොමැති බව අදාළ ආයෝජකයා මෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද පිළිගනිති.

එහෙත් පරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන කැබිනට් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන සඳහන් කළේ ආයෝජකයා විසින් අදාළ පරිසර ඇගයීම් වාර්තාව ලබා ගෙන ඇති බවය.

අනුරාධපුරය, රාජාංගනය, යාය 18 ප්‍රදේශයේ අක්කර 1,500ක කෝමාරිකා පැළ තවාන් ව්‍යාපෘතියට මේ වනවිට අක්කර 78 ක පමණ භුමි ප්‍රදේශයක් එළිපෙහෙළි කර තිබේ.

එය නීති විරෝධීව සිදුකර ඇති බැවින් ආයෝජකයාට ඉඩම් ලබා දුන් ගොවීන් 18 දෙනෙකුට එරෙහිව තඹුත්තේගම අධිකරණයේ නඩු පැවරූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

– BBC

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස