පෞද්ගලික අංශයේ සේවකයන් ලක්ෂ 50ට යුක්තිය ඉටුවෙයි! සේවක අයිතිය රකින ස්ථිර සාධාරණ වැටුප් ව්‍යහුයක් සඳහා කොමිසමක්!

February 23, 2020 at 9:25 am | by emanisa.lk

මෙරට පෞද්ගලික අංශයේ සේවයේ නියුතු පනස් ලක්ෂයක් පමණ වන සේවකයන්ට ස්ථිර වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ. මේ සඳහා ජනාධිපතිවරයා විසින් ජාතික වැටුප් කොමිෂන් සභාවක්ද ඉකුත් 14 වැනිදා ස්ථාපිත කර ඇත.

මෙයට කලින් ක්‍රියාත්මක වූ ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමට බලය හිමිව තිබුණේ රජයේ සේවකයින්ගේ වැටුප් සම්බන්ධව කටයුතු කිරීමට හා අර්ධ රාජ්‍ය ආයතනවල වැටුප් සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් කිරීමට පමණි.

නව ජාතික වැටුප් කොමිෂන් සභාවට රාජ්‍ය අංශයට අමතරව පෞද්ගලික සියලු අංශයන්හිද රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලු අර්ධ රාජ්‍ය ආයතන වැටුප් පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කර වැටුප් ව්‍යුහයක් සකස් කිරීම සිදු කෙරෙනු ඇත.

මේ වන විට රාජ්‍ය අංශයේ අවම සේවක වැටුප රුපියල් 24,250ක් වන අතර මෙරට කම්කරු නීතිය අනුව පෞද්ගලික අංශයේ සේවකයකුගේ අවම වැටුප රුපියල් 11,000කි. මේ තත්ත්වය නිසා වතු කම්කරුවකුගේ දිනක අවම වැටුප පවා රුපියල් 1000ක් දක්වා වැඩි කිරීමට අදාළ අංශවලට නොහැකි වූ අතර අවම වැටුපට අනුව සේවය කිරීමට සේවකයින් නොමැතිවීම නිසා එක් එක් පෞද්ගලික ආයතන විසින් වැටුප් වැඩි කිරීම් සිදු කර අතිරේක කාලයක් සේවකයින් සේවාවේ තබා ගැනීමද සිදු කෙරේ.

මේ සියලු තත්ත්වයන් අධීක්ෂණය කර රාජ්‍ය අංශයේ මෙන්ම අර්ධ රාජ්‍ය අංශයේද පෞද්ගලික අංශයේද සියලු අංශ ආවරණය වන පරිදි වැටුප් ව්‍යුහයක් වහාම සකස් කිරීමට නව කොමිසම විසින් කටයුතු යොදනු ඇත. ඒ අනුව අර්ධ රාජ්‍ය ආයතනවල අවශ්‍ය පරිදි වැටුප් පරිමාණ වැඩි කර ගැනීම හෝ පෞද්ගලික අංශයේ සේවකයින්ට අඩු වැටුපක් ලබා දීම හෝ රජය විසින් නිර්දේශ කර ඇති වැටුපට වඩා වැටුපක් ලබා දී අධික වේලාවක් සේවය ලබා ගැනීම ඇතුළු අකටයුතුකම් සියල්ල ඉවත් කෙරෙනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස