අද වන විට රටේ වැඩ කරන්නේ CCD සහ CID ආයතන පමණක් බවත් එය ද විරුද්ධවාදී දේශපාලකයන් මර්දනය සඳහා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක රණවක පවසයි.
මෙය අලුත් ආණ්ඩුවක් නොවන බවත් 2015 වනතුරු පැවති ආණ්ඩුව අලුත් නමකින් පැමිණ ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
මේ වන විට රට වැඩිබිමක් නොව දඩබිමක් බවට පත්ව ඇති බවත් මෙවැනි කටයුතුවලින් තමන් නිහඬ කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) බොරැල්ලේ පැවති ජනහමුවක දී ඔහු මේ බව සඳහන් කළේය.