පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අසුනට යාබද අසුනේ අසුන් ගැනීම එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්ෂේප කර ඇත.
අද සිට සජිත් අසුන් ගන්නා විපක්ෂ නායක අසුන මුලසුනේ සිට බලන විට විපක්ෂයේ අට වැනි ආසනය වන අතර ජ්‍යෙෂ්ඨත්වය අනුව රනිල් වික්‍රමසිංහට හිමිවන්නේ හත් වැනි අසුනය.
එහෙත් හත් වැනි අසුන ප්‍රතික්ෂේප කර ඇති රනිල් වික්‍රමසිංහ තමන්ට නව වැනි ආසනය ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. ඒ අනුව ඔහුට නව වැනි අසුන ලබා දී ඇති අතර විපක්ෂ නායක අසුන සහ නව වැනි අසුන අතර මන්ත්‍රීවරුන්ට ගමන් කිරීම සඳහා තීරුවක් වෙන් වී තිබේ.
රනිල් වික්‍රමසිංහට වෙන් කර ඇති මෙම අසුනට යාබදව දස වැනි ආසනයේ සිටින්නේ වජිර අබේවර්ධන මන්ත්‍රීවරයාය.