ජනපති නොදන්වා රාජ්‍ය ආයතන වෙත පැමිණීම දිගටම! අද වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට!

December 26, 2019 at 5:27 pm | by emanisa.lk

වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට ජනපති ගෝඨාභය රාජපක්ෂ එක්ව තිබේ.

රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව සෙවීම සඳහා ජනපතිවරයා කලින් නොදන්වා රාජ්‍ය ආයතනවලට පැමිණීමේ වැඩසටහනක් ක්‍රියාත්මක අතර ඊට සමගාමීව මෙසේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ද පැමිණ ඇත.

මීට ඉහතදී ජනාධිපතිවරයා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ එවැනි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර එහිදී අවම පහසුකම් සහිතව ඔවුන් කරන සේවය ඇගයීමට ජනපතිවරයා කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස