ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීම සංහිඳියාව මරා දැමීමක්! – මනෝ ගනේෂන්

December 25, 2019 at 3:16 pm | by emanisa.lk

ජාතික ගීය සිංහල බසින් පමණක් ගායනා කිරීම ජාතික සංහිඳියාව සහ ඒකාබද්ධතාව විනාශ කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

එළඹෙන ජාතික නිදහස් උළෙලේ දී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට විෂය භාර ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් තීරණය කර ඇති බව දැන ගන්නට ඇතැයි ද ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

ජාතික ගීය සිංහල සහ දෙමළ භාෂාවෙන් ගායනා කිරීම කරළියට ගෙන ආවේ පසුගිය යහපාලන ආණ්ඩුව මගිනි.

එකල උතුරේ පැවති රාජ්‍ය උත්සවවල ජාතික ගීය සිංහල භාෂාවෙන් ගායනා කිරීම උත්සව සභාවේ අවසාන අංගය කළ අවස්ථා ද වාර්තා විය.

එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන් පසුගිය ජනාධිපතිවරණ සමයේ ප්‍රකාශ කළේ මේ රටේ ජාතික ගීය අරාබි බසින් ගායනා කිරීමට සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබා දෙන ලෙසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස