එළඹෙන ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දෙන කාලය පැයකින් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසම තීන්දු කර තිබේ.
ඒ අනුව රට පුරා සියලු ඡන්ද මධ්‍යස්ථානවලදී නොවැම්බර් 16 වෙනිදා උදෑසන 7 සිට සවස 5 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන්ට අවස්ථාව ලැබේ.
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු ඉදිරිපත් වීම නිසා දිගු ඡන්ද පත්‍රිකාවක් ලැබීමත් ඒ නිසා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එක් අයකුට ගතවන කාලය වැඩි වීමත් සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ගෙන තිබේ.
ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය අද (29) රාත්‍රී නිකුත් වීමට නියමිතය.