ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයා මම නම් නෙමෙයි! ඒ පුවත නිසා මම අපහසුතාවට පත්වුණා! – විග්නේශ්වරන්

August 27, 2019 at 8:08 am | by emanisa.lk

තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන බවට ජනමාධ්‍ය ඔස්සේ පැතිර යන ආරංචිවල කිසිම සත්‍යතාවක් නොමැති බව උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් යාපනයේදී ප‍්‍රකාශ කොට තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර තමන් සම්බන්ධයෙන් දක්වන ලද අදහසක් වැරදි ලෙස අර්ථකථනය කරමින් මේ පුවත බොහෝ මාධ්‍යවල පළවීම නිසා තමන් දැඩි අපහසුතාවකට පත් වූ බවද හෙතෙම කියා සිටී.

තමන්ගේ එකම දේශපාලන අරමුණ උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් සේවය කිරීමත් දෙමළ ජනතාවට හිමි අයිතිවාසිකම් ලබා දීමට දේශපාලනය ඔස්සේ සටන් වැදීම පමණක් බවත් විග්නේෂ්වරන් මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස