හඬපට සභාගත කළොත් මං තවත් හිරවෙනවා! ඒ නිසා හඬපට හංගනවා! – රංජන්

January 24, 2020 at 11:55 am | by emanisa.lk

තමා පාර්ලිමේන්තුවට භාර දුන් දුරකතන සංවාද හඬපට නැවත ලබා ගත් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ප්‍රකාශ කරයි.

දුරකතන සංවාද 1500ක් පමණ ඇතුළත් සංයුක්ත තැටි 06ක් තමා පාර්ලිමේන්තු හැන්සාඩ් අංශයට භාර දුන් බවත් පසුව සිය නීතීඥ උපදෙස් මත ඒවා නැවත ලබාගෙන පෞද්ගලික ස්ථානයක සුරක්ෂිතව තැබීමට පියවර ගත් බවත් ඔහු සඳහන් කරයි.

මෙම දුරකතන සංවාද තමාට අවාසි වන ආකාරයෙන් නඩු කටයුතුවලදී භාවිත කිරීමට ඉඩ තිබෙන නිසා නීති උපදෙස් මත අදාළ හඬපට සභාගත නොකළ බව ඔහු අවධාරණය කළේය.

මේ අතර ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ හඬපට අඩංගු CD තැටි වැඩ නෙකෙරන නිසා රංජන් රාමනායක ඒවා නැවත ලබා ගෙන ඇති බවය.

ජවිපෙ වසන්ත සමරසිංහ සඳහන් කළේ රංජන් හඬපට සභාගත කිරීම වැදගත් බවත් මහින්දගේ හඬපටවලට ද හොඳ ප්‍රචාරයක් ලබාදිය යුතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස