2015 කුමන්ත්‍රණය අලුත් වටයකින් දියත් වෙලා…! ආණ්ඩුවේ පිරිසකුත් ඒකට අහුවෙලා…! – ප්‍රසන්න…

February 1, 2021 at 12:40 pm | by emanisa.lk

2015 වසරේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළීම සඳහා සිදුවුණු ආකාරයේ ම කුමන්ත්‍රණයක් මේ වන විට නැවතත් සිදුවෙමින් පවතින බවත් ආණ්ඩුවේම පිරිසක් ද මේ කුමන්ත්‍රණයට එකතු වී සිටින බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

“අද රට තුළ ආණ්ඩුව විවේචනය කිරීමේ රැල්ලක් නිර්මාණය වෙමින් තිබෙනවා. විපක්ෂයට ඕනෑ මේක ආණ්ඩු විරෝධි රැල්ලක් කර ගන්න. අදාහනය ද, භූමදානය ද, ධම්මික පැණිය, වරාය නැගෙනහිර ජැටිය, සංචාරකයන් දිවයිනට ගෙන ඒම, පාසල් විවෘත කිරීම වගේ විවිධ විෂයන් සම්බන්ධයෙන් විපක්ෂය රට තුල බොරු වපුරනවා, ඒකට අපේ අයත් අහු වෙනවා.

මේවා ගැන ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය පැහැදිලි කලත් විපක්ෂය දිගට ම බොරුව අරගෙන යනවා. සමහර වෙලාවට ආණ්ඩුවේ ප්‍රකාශයට වඩා මිනිස්සු විශ්වාස කරන්නේ මේ විපකෂයේ බොරුව. කනගාටුවට කරුණ තමයි අපිට මේ ආණ්ඩුව ගන්න උදව් කරපු සමහර අයත් මේ බොරුව විශ්වාස කරන එක.

2015 දී සිද්ද වුණෙත් මේකමයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්න මේ විදිහටම බොරු මතවාද සමාජගත කළා. අපේම සමහර අයත් මේ කුමන්ත්‍රණයට අහු වුණා. ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විට විපක්ෂය ආරම්භ කර තිබෙනවා. ඊට බටහිර බලවේගවල සහයත් ලැබෙනවා. 2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව තිබුණු කුමන්ත්‍රණයම තමයි අද මහින්ද ගෝඨාභය සුසංයෝගයෙන් සැදි මේ ආණ්ඩුවට එරෙහිව අලුත් වටයකින් ආරම්භ කරලා තියෙන්නේ”

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව පැවසුවේ පෙරේදා (30) ගම්පහ – මිනුවන්ගොඩ විකල්ප මාර්ගයේ පාලම් තුනක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමේ උත්සවය අමතමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස