එදා සිරි සිරි ගාලා සිරිසේනට සිනාසුනු දයාසිරිත් මෙදා පරාදයි! – ප්‍රසන්න

July 6, 2020 at 5:31 pm | by emanisa.lk

බොහෝ කලක පටන් හිටපු ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රසිද්ධියේ විවේචනය කරන ප්‍රසන්න රණතුංග මේ මෑතක සිට එම පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර ද දැඩි ලෙස විවේචනය කිරීම ආරම්භ කොට තිබේ.

2015 ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂගේ වේදිකාවේ සිට සිරී සිරී කියමින් සිරිසේන විවේචන කළේ සිරී දයාසිරි ජයසේකර බවත් එළඹෙන මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික් ජනතාව ඔහු ද පරාජය කරන බවත් ඔහු සඳහන් කරයි.

සිරිසේනට ගෑවිච්ච නිදහස් පක්ෂකාරයෙකුට ඡන්දය දෙන්න එපා යැයි ඇමති රණතුංග බොහෝ කලක සිට කියන ප්‍රකට කතාවකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස